ඇමරි‍කාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය ඉරාකයෙන් ඉවත් කිරීමට ඉරාක හමුදාවේ සූදානමක්
2024-01-29 11:25:23
Share with:

ඇමරි‍කාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධානය තවදුරටත් ඉරාකයේ රැඳීසිටීම අවසන් කිරීමට ඉරාක ආරක්ෂක හමුදාව සූදානම් වන බව ඉරාක ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ ප්‍රකාශක Tahseen Al-Khafaji මහතා ඊයේ(28) පැවසීය. ඉරාක ආරක්ෂක හමුදාව සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පළාත් පහක ආරක්ෂක කටයුතු සාර්ථකව භාරගෙන ඇති අතර මේ වසරේ තවත් පළාත් කිහිපයක ආරක්ෂාව භාර ගැනීමට සූදානම් බව ඔහු සඳහන් කළේ ය.

2003 දී ඇමරිකාව ඉරාක යුද්ධය ආරම්භ කළ අතර 2011 අවසානයේ ඉරාකයෙන් සිය හමුදා ඉවත් කර ගත් අතර එහි රැඳී සිටියේ සුළු හමුදා භට පිරිසක් පමණි.

අන්තවාදී සංවිධානය 2014 දී බටහිර සහ උතුරු ඉරාකයේ ප්‍රදේශ රුසක් අත්පත් කර ගත් අතර අනතුරුව ඇමරිකාව ප්‍රමුඛ ඊනියා "ජාත්‍යන්තර සන්ධානය " ඉරාකයේ සිය හමුදා කණ්ඩායම් ස්ථාපිත කිරීම වැඩි කර තිබේ.

මෙම "ජාත්‍යන්තර සන්ධානයේ" සටන් මෙහෙයුම අවසන් වූ බවත් ඉරාක හමුදාව සියලු හමුදා කඳවුරු අත්පත් කර ගත් බවත් 2022 ජනවාරි මාසයේදී ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම