තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවකට සූදානම්
2024-01-29 14:28:51
Share with:

තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් පෙබරවාරි 3,4 දෙදින ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක නිරත වෙයි.

76 වැනි නිදහස් සමරු උළෙලේ ගෞරවනීය ආරාධිතයා වශයෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා  සහභාගි වනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මෙම සංචාරය අතරතුර දී, තායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ද එක්වනු ඇත.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කොට ශ්‍රී ලංකාව ආසියාන් රටවල ආර්ථිකයන් සමග තවදුරටත් සමෝධානය වීම ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේක්ෂිතය. මීට අමතරව, දෙරට අතර පවතින ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමට ද දෙපාර්ශ්වය අපේක්ෂා කරයි. එසේම දෙරට මැණික් හා ස්වර්ණාභරණ ආයතන අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම