ගාල්ල නගරය සංවර්ධනයට විශේෂ කොමිසමක්
2024-01-29 14:31:16
Share with:

ගාල්ල නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට 27 වැනිදා එක් වූ ජනාධිපතිවරයා ගාල්ල නගරයේ සහ ගාලු කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සියලු ආයතන එක් ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය.

ගාලු කොටුවට පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමග ද කතාබහකට  එක්වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීය.

මේ අතර ගාලු කොටුව ආශ්‍රිතව පැවැත්වෙන 2024 ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමට ද වික්‍රමසිංහ මහතා එක්විය. ලොව පුරා කීර්තිමත් ගත්කතුවරුන්, සාහිත්‍යවේදීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක්වන, මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන එය මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම