ඇමරිකාවේ සිටින චීන සිසුන් අසාධාරණ ලෙස පරීක්ෂාවට ලක්කරමින් ඔවුන් චීනය වෙත ආපසු යැවීම වහාම නතර කරන්නැයි චීන තානාපතිවරයා ඉල්ලා සිටී
2024-01-29 19:33:18
Share with:

ඇමරිකාවේ සිටින චීන සිසුන් අසාධාරණ ලෙස පරීක්ෂාවට ලක්කරමින් සහ ඔවුන්ට හිංසා කරමින් චීනය වෙත ආපසු එවීම වහාම නතර කරන ලෙස ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

2024 වසන්ත උත්සවය නිමිත්තෙන් ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය දෙරට තරුණයන් වෙනුවෙන් චීන - ඇමරිකා අධ්‍යාපන හුවමාරු පිළිබඳ 45 වැනි සංවත්සර උත්සවය පැවැත්වීය.

ෆ්ලොරිඩාවේ මෑතකාලීන නීති මගින් චීන සිසුන්ට ඇමරිකානු රාජ්‍ය විශ්වවිද්‍යාල රසායනාගාරවල වැඩ කිරීම තහනම් කර ඇතැයි තානාපති Xie Feng මහතා එහිදී කියා සිටියේය. සෑම මාසයකම ඇමරිකාවට පැමිණෙන චීන සිසුන් විශාල පිරිසක් ඇතුළු චීන ජාතිකයන් එරටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීම නිරතුරුව සිදුවේ. මෙම සිසුන් නීත්‍යනුකූල හා වලංගු වීසා බලපත්‍ර සතු අය වන අතර, ඔවුන් පිළිබඳ නීතිවිරෝධී හෝ අපරාධ වාර්තා කිසිවක් නොමැත. මේ සම්බන්ධයෙන් ඇමරිකාවට දැඩි විරෝධය පළකරන චීනය තම පුරවැසියන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අඛණ්ඩව ආරක්ෂා කරන බව ද Xie Feng මහතා එහිදී අවධාරණය කළේය.

“සාමාන්‍ය පුද්ගල හුවමාරු අස්වාභාවිකව කපාහරිමින් චීනය හා ඇමරිකාව යන දැවැන්ත රටවල් දෙක අතර සබඳතාව පවත්වා ගෙන යන්නේ කෙසේදැ” යි චීන තානාපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම