ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනයට අරමුදල් සැපයීම නතර නොකරන ලෙස පලස්තීනයෙන් ඉල්ලීමක්
2024-01-29 11:24:08
Share with:

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයට අරමුදල් සැපයීම නතර නොකරන ලෙස පලස්තීනය අදාළ රටවලින් ඉල්ලීමක් කරයි.

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ සේවක පිරිසක් පසුගිය ඔක්තෝබර් මස හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමේදී සහය දුන් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත. මේ හේතුවෙන් එම ආයතනයට අරමුදල් සැපයීම තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පලස්තීන අග්‍රාමාත්‍ය Mohammad Shtayyeh මහතා ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින්, එම තීරණය අවලංගු කරන ලෙස එම බටහිර රටවලින් ඉල්ලීමක් කළේ ය. මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයට එරෙහිව ඊශ්‍රායලය “ජාත්‍යන්තර ව්‍යාපාරයක්”දියත් කරමින් සිටී. ඊශ්‍රායලයේ එම ව්‍යාපාරය මෙම නියෝජිතායතනයට විශාල අනතුරක් ගෙන දෙන බව පලස්තීන අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දුන්නේ ය.

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයට බටහිර රටවල් අරමුදල් සැපයීම නතර කිරීමෙන්, ගාසා තීරයේ රැඳී සිටින සිවිල්වැසියන් තවදුරටත් අසරණ කරනු ඇතැයි ඊජිප්තු විදේශ ඇමතිවරයා ද ඊයේ (28) සෞදි අරාබි විදේශ ඇමතිවරයා හමුවූ අවස්ථාවේදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම