චීනයේ Ren'ai ගල්පර වෙරළේ නීතිවිරෝධී ලෙස නැංගුරම්ලා තිබෙන යුද නෞකාවට පිලිපීනය සැපයුම් ලබා දීම කෙරෙහි චීනයේ විරෝධය
2024-01-28 15:03:06
Share with:

චීනයේ Ren'ai ගල්පර වෙරළේ නීතිවිරෝධී ලෙස නැංගුරම්ලා තිබෙන යුද නෞකාවට පිලිපීනය සැපයුම් ලබා දීම කෙරෙහි චීන වෙරළාරක්ෂක බලකාය දැඩි විරෝධය දක්වමින් නිවේදනයක් පළ කරයි.

ඉකුත් 21 වැනිදා පිලිපීනයේ කුඩා ගුවන් යානයක් එම නෞකාවට සැපයුම් ලබා දීම සිදු කළේය. චීන වෙරළාරක්ෂක බලකාය නීත්‍යනුකූලව අදාළ පාලන පියවර ගෙන ඇති අතර, මානුෂීය ජීවන සැපයුම් සඳහා තාවකාලික විශේෂ විධිවිධාන සැලසූ බව චීන වෙරළාරක්ෂක බලකා ප්‍රකාශක Gan Yu මහතා ප්‍රකාශ කරයි.

පිලිපීනය සත්‍ය නොසලකා හරිමින් ජාත්‍යන්තරය නොමඟ යැවීම දකුණු චීන මුහුදේ ආතතීන් ලිහිල් කිරීමට හිතකර නොවන බව ද ඔහු පෙන්වා දෙයි. කෝප කිරීම් නවත්වන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බවත්, රටේ ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, චීන වෙරළාරක්ෂක බළකාය Ren'ai ගල්පරයේ සහ ආසන්න මුහුදු ප්‍රදේශයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත් Gan Yu මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම