පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් සියල්ල ජුනි මස අවසන් වීමට පෙර ඉවත් කරන බව මහජන ආරක්ෂක ඇමති කියයි
2024-01-28 16:10:44
Share with:

ලබන ජුනි මස අවසන් වීමට පෙර මෙරට පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් සියල්ල ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කුමන බලපෑම් එල්ල වුව ද යුක්තිය මෙහෙයුම නතර නොකරන බවය.

මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මේ වනවිට රට තුළ මත්ද්‍රව්‍ය මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ රාජසන්තක කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම