පාකිස්තාන ජාතිකයින්ට එරෙහි ප්‍රහාරය ඉරානය හෙළා දකී
2024-01-28 16:51:03
Share with:

තම රටේ සිදු වූ පාකිස්තාන ජාතිකයින්ට එරෙහි ප්‍රහාරය ඉරානය හෙළා දකී.

අග්නිදිග ඉරානයේ Sistan-Baluchestan පළාතේ ඊයේ(27) සිදුවූ ප්‍රහාරයකින් පාකිස්තාන ජාතිකයින් 9 දෙනෙකු මිය ගොස් තුන් දෙනෙකු තුවාල ලැබූ බව ඉරාන විදේශ අමාත්‍යංශය අද ප්‍රකාශ කළේය.

පාකිස්තාන රජයටත් මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල අයටත් සංවේගය පළ කරන බව ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. සිද්ධිය පිළිබඳ විමර්ශනක් ක්‍රියාත්මකයි. ඉරානය හා පාකිස්තානය අතර සහෝදරත්වය විනාශ කිරීමට සතුරන්ට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කර ඇත.

පාකිස්තාන ජාතිකයින් 9 දෙනෙකු ඉරානයේ ප්‍රහාරයකට ගොදුරු වී මිය ගිය බවත්  එම සිද්ධිය හෙළා දකින බවත් පාකිස්ථාන විදේශ අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම