අරාබි මුහුදේ දී පැහැර ගැනීමට ලක්ව ඇති ශ්‍රී ලංකා බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව බේරා ගැනීමට නාවික හමුදාවේ සහාය
2024-01-28 16:06:30
Share with:

අරාබි මුහුදේ දී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ඇති ශ්‍රී ලංකා බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව බේරා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සහ නාවික හමුදාව සමඟ එක්ව කටයුතු කරන බව  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කරයි.

පැහැරගන්නා අවස්ථාවේදී එම ට්‍රෝලර් යාත්‍රාවේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිට ඇතැයි සුසන්ත කහවත්ත මහතා පැවසීය.

ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු යාත්‍රාවට ගොඩ වී අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ  භාරයට ගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ

පසුව එම පුද්ගලයන් විසින් යාත්‍රාවේ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර එය රැගෙන ගොස් ඇති බවද කහවත්ත මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම