බිඳ හෙළිය නොහැකි චීන බැටරි කර්මාන්තයට හිමි සුවිශේෂී ප්‍රමුඛ ස්ථානය
2024-01-28 19:50:53
Share with:

මෑතකදී ‘දකුණු කොරියානු ආර්ථිකය’ නම් වෙබ් අඩවිය “ ‘Made in China’ සඳහා ආදේශ කළ හැකි හොඳ ක්‍රමයක් නොමැත”මැයෙන් රටේ වාහන නිෂ්පාදන ව්‍යාපාර මුහුණ පා ඇති ගැටළු වාර්තා කර ඇත. ඇමරිකාව චීනය වෙත පනවා ඇති අපනයන සීමා අඛණ්ඩව  වැඩි කිරීමත් සමගම චීන බැටරි නිෂ්පාදන මත ඉහල යැපීමකින් පවතින දකුණු කොරියානු වාහන නිෂ්පාදන ව්‍යාපාර අසීරුතාවට මුහුණ දී තිබේ.

පෘථිවියේ අනෙක් පැත්තේ පවතින ඇමරිකානු ටෙස්ලා සමාගමත් ඊට සමාන දුෂ්කර අවස්ථාවකට මුහුණ දී තිබේ. එහි නව විදුලි බල මෝටර් රථ  වර්ගයක් වන Cybertruck වල බැටරි නිෂ්පාදනය අණහිටි තත්ත්වයකට ගොදුරු වූ ‍නිසා, බැටරිවලට අදාළ කොටස් ලබා ගැනීම සඳහා චීන නිෂ්පාදකයින්ගෙන් ආධාර ඉල්ලීමට එම සමාගමට සිදුව ඇත. 

මීට සමගාමීව, ඇමරිකාවේ Mississippi ජනපදයේ සමාගම් හතරක් ඩොලර් කෝටි 190ක ආයෝජනයකින් බැටරි කම්හලක් ඉදි කරනු ඇති බවත් එහි සියයට 10ක කොටස් චීන බැටරි ව්‍යාපාර දරනු  ඇති බවත් එම ජනපදයේ ආණ්ඩුකාර Tate Reeves මහතා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇත. චීන තාක්ෂණය ‘තර්ජනයක්’ බවට මීට පෙර ඔහු පළකළ කියමනට මෙය සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයකි.

මෑත වසරවල ඇමරිකානු රජය දේශපාලන බලපෑම් හා වෙළඳ බාධා යන මාර්ගවලින් චීනයේ බැටරි නිෂ්පාදනයට බාධා එල්ලීමටත් චීනයේ නව කර්මාන්ත මර්දනය කිරීමටත් උත්සාහ කර ඇත. එය එරට නිත්‍ය වශයෙන් ක්‍රියාත්මක කරන දාමරිකවාදයේ පිළිබිඹුවක් වන අතර ලෝක වෙළඳාම පිළිබඳ සාධාරණ රෙගුලාසීන්ටද පටහැනිය. ඊනියා ජාතික ආරක්ෂාව යන හේතු මත චීනයට පීඩා පනවමින් චීනය ගෝලීය සැපයුම් හා නිෂ්පාද දාමවලින් ඉවත් කිරීමට ඇමරිකාව ප්‍රයත්න දරමින් සිටියද, චීන බැටරි කර්මාන්තයට හිමි සුවිශේෂී ප්‍රමුඛ ස්ථානය හේතුවෙන් එය අසාර්ථක වීම නිසැකය. ටෙස්ලා වැනි විදේශ ව්‍යාපාර චීන ව්‍යාපාරවලින් හදිසි ආධාර ඉල්ලීම ඊට  කදිම උදාහරණයකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම