චීන උසස් රාජ්‍යතාන්ත්‍රිකයා සහ ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශකයා අතර හමුවක්
2024-01-28 15:29:03
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාල අධ්‍යක්ෂ වන්ග් යී මහතා ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශක ජේක් සුලිවන් මහතා හමුවෙයි. එම නව වටයේ සාකච්ඡාව තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණ. අවමන් කිරීමෙන් තොරව දෙපාර්ශ්වය එකිනෙකා සමානත්වයෙන් සලකා ක්‍රියා කළ යුතු අතර  වෙනස්කම් පිළිගනිමින් පොදුවේ පිළිගත හැකි ස්ථාවරයන් තුළ සිටිය යුතු බව වන්ග් යී මහතා එහිදී පැවසීය.දෙපාර්ශ්වයේ කේන්ද්‍රීය අභිලාෂයන් අවතක්සේරු නොකර ඊට අවංකව ගරු කළ යුතුය.එකිනෙකාට ගෞරවය දක්වමින් සාමයෙන් දිගු කලක් සිටිය යුතු අතර පොදු ජයග්‍රාහී සහයෝගතාවන් ඉදිරියට ගෙනයා යුතු බවද හෙතෙම අවධාරණය කළේය.චීනයටත් ඇමරිකාවටත් සුසංගතව සිටීමට සුදුසු මාවත සොයා ගැනීමේ වැදගත්කම ද වන්ග් යී මහතා එහිදී පෙන්වා දුන්නේය. 

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තකි.ඇමරිකාව එකම චීනය මූලධර්මය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන මත අනිවාර්යෙන් එල්බ සිටිය යුතුය. ‘තායිවාන ස්වාධීනත්වය’ට සහා‍ය නොදීමේ ප්‍රතිඥාව ඇමරිකාව අනුගමනය කළ යුතු බවද හෙතෙම පැවසීය.

එම සාකච්ඡාවේදී ‘සැන්ෆ්‍රැන්සිස්කෝ දැක්ම’ ඒකාබද්ධව ක්‍රියාවට නැංවීමට දෙපාර්ශ්වය එකඟ වූහ. ද්විපාර්ශ්වික සබඳතා වෙනුවෙන් උපායමාර්ගික මාර්ගෝපදේශකත්වය සැපයීමට දෙරටේ නායකයන් නිත්‍ය සබඳතා පවත්වනු ඇති අතර දෙරටේ විවිධ ක්ෂේත්‍රවල හුවමාරු ප්‍රවර්ධනය‍ට ද එහිදී  එකඟතාව පළවී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම