අසිරිමත් වසන්ත උත්සව ප්‍රාසාංගික ක්‍රියාකාරකම් සමය ඇරඹේ
2024-01-28 15:08:29
Share with:


චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානත්වයෙන් ‘වසන්ත උත්සව ප්‍රසංගයේ පූර්ව ප්‍රචාරක ක්‍රියාකාරකම ’ ඇමරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වේ. 26වනදා පැවැත්වූ ක්‍රියාකාරකමට එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත චාං ජුන්, එක්සත් ජාතීන්ගේ උප මහලේකම්,  ශිෂ්ටාචාර සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත මිගෙල් මොරටිනොස්, එක්සත් ජාතීන්ගේ උප මහලේකම් ලී ජුන්හුවා හා ශූ හාඕලියං යන මහත්වරු මෙන් එක්සත් ජාතීන්ගේ ඇමරිකානු, ජපාන, පෝලන්ත, මැලේසියානු, කියුබානු යනාදී රටවල නිත්‍ය නියෝජිතවරු හා රාජ්‍යතාන්‍රිකයෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ 200කට ආසන්න පිරිසක් එක් වූහ. චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රාසාංගික ක්‍රියාකාරකම් සමයේ ආරම්භය ඉන් සනිටුහන් විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙන් හයිෂියොන්ග් මහතා එම ක්‍රියාකාරකම වෙත වීඩියෝ කතාවක් නිකුත් කළේය. 

පරණ අවුරුදු රාත්‍රීයේ වසන්ත උත්සව ප්‍රසංගය නැරඹීම චීන ජාතිකයින්ගේ වසන්ත උත්සව සිරිතක්  බවත් මේ දක්වා එම ප්‍රසංගය 41ක්  වතාවක් පවත්වා ඇති බවත් ඔහු සඳහන් කළේය.  පාරම්පරා කිහිපයක ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ සුන්දර මතකයන් ඉතිරි කර  ඇති එම ප්‍රසංගය ලෝකයට චීන සංස්කෘතිය හඳුන්වා දීමේ ප්‍රවේශයක් වී තිබේ. මෙම වසරේ, භාෂා 68කින් බහු මාධ්‍ය ක්‍රමවලින් ගෝලීය මිත්‍රශීලි මාධ්‍ය ආයතන ද ඔස්සේ වසන්ත උත්සව ප්‍රසංගය ප්‍රවර්ධනය කෙරෙනු ඇත. ගෝලීය ප්‍රේක්ෂකයින්ට සංස්කෘතික වින්දනය හා සිනහ හඬ මධ්‍යයේ  අසිරිමත් චීන වසන්ත උත්සවයේ හා චීන සංස්කෘතියේ විශේෂ ආකර්ෂණය විඳීමේ අවස්ථා හිමි වනු ඇතැයි ද ෂෙන් හයිෂියොන්ග් මහතා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම