චීන ජනපති ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජනරාල්වරයාට එරට ජාතික දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි
2024-01-27 22:48:09
Share with:

26වනදාට යෙදෙන ඕස්ට්‍රේලියානු ජාතික දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එරට ආණ්ඩුකාර ජනරාල් David John Hurley මහතා වෙත  සුබපැතුම් පිරිනමයි.

ගෙවී ගිය වසර තුළ දෙරටේ පොදු උත්සාහයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතාව යහපත් වූ බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. විධිමත්, ස්ථාවර හා සංවර්ධනාත්මක චීන ඕස්ට්‍රේලියානු සම්බන්ධතාවය, දෙරටේත් දෙරටේ ජනතාවගේත් පොදු ප්‍රතිලාභයටත්, කලාපීය රටවල පොදු අපේක්ෂාවටත් ලෝක සාමය හා සංවර්ධනය පිළිබඳ ප්‍රවණතාවටත්  අනුකූල වේ. 

ඕස්ට්‍රේලියාව සමග සම්බන්ධතාව තමා ඉමහත් ලෙස වැදගත් කොට සලකන බව ෂී ජින්පිං මහතා පවසයි. දශකයකට පෙර තමා අලංකාර ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ බවත් එම කාලය තුළ දෙරට අතර අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගොඩනගා තිබෙන බවත් ෂී ජින්පිං මහතා සිහිපත් කළේය. දෙරටේ ජනතාවට  වඩාත් සුබසෙත නිර්මාණය කිරීම සඳහා, නව ඓතිහාසික ආරම්භයක සිට දෙරට අන්‍යෝන්‍ය ගරුත්වය, සමානත්මතාව, ‘වෙනස්කම් මත සමානකම් සොයා ගැනීම’, පොදු ජයග්‍රහණ යන මූලධර්ම මත, අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාම ප්‍රවර්ධනය කළ යුතු යැයි ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම