ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
2024-01-27 15:22:32
Share with:

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.එම අරමුදලේ නියෝජිත පීටර් බෘවර් මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්  සේමසිංහ මහත්වරුන්ට මේ බව දැනුම් දී තිබේ.

නාස්තිය ,වංචාව,දූෂණය නතර කිරීම මූල්‍ය අරමුදල රජයට පැවරූ ප්‍රධාන කාර්යන්ය.

මූල්‍ය අරමුදලේ මෙම අරමුණු සහ එකඟතා ඉටුවේදැයි සලකා බැලෙන දෙවැනි සමාලෝචනය මාර්තු මාසයේදී සිදු කිරීමෙන් අනතුරුව තුන්වෙනි ණය වාරිකය නිදහස් කිරීමට නියමිතය.

එමෙන්ම දෙවැනි සමාලෝචනය වන තුරු මූල්‍ය අරමුදලේ අරමුණු ඉටුවේදැයි සොයා බැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට පැවරීමටද මූල්‍ය අරමුදලේ දූත පිරිස  තීන්දු කර තිබේ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම