චීන ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 60වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ රූපවාහිනී සංවාද වැඩසටහනක්
2024-01-27 15:43:39
Share with:

චීන ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 60වැනි සංවත්සරය සඳහා චීන මාධ්‍ය සමූහය හා ප්‍රංශ BFM ආර්ථික රූපවාහිනිය විශේෂ සංවාද වැඩසටහනක් ඉදිරිපත් කරයි.  

අද (27) විකාශය කෙරුණු එම වැඩසටහනට ප්‍රංශයේ හිටපු අග්‍රාමාත්‍ය Jean-Pierre Raffarin මහතා එක්විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ප්‍රංශයේ චීන තානාපති Lu Shaye මහතා එම විශේෂ වැඩසටහන සඳහා වීඩියෝ කතා පළ කළහ.

දෙරට් නායකයන්ගේ උපදෙස් මත දෙපාර්ශ්වය චිත්‍රපට රූපවාහිනී, ක්‍රීඩා, අධ්‍යාපන, සංචාරක, සංස්කෘතික උරුමය යන ක්ෂේත්‍රවල පූර්ණ ලෙස අදහස් හුවමාරු කර සහයෝගීතා තහවුරු කරමින් සිටින බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය. චීනය හා ප්‍රංශයට ගැඹුරු මානව හුවමාරු පදනමක් තිබේ. නව ආරම්භයක සිට ශිෂ්ටාචාර හුවමාරු පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම ශක්තිමත් කර චීන -ප්‍රංශ මිත්‍රත්වය ප්‍රවර්ධනය කළ හැකි බව හෙතෙම පැවසීය. මෙම වසරේ චීන මාධ්‍ය සමූහය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටුව සමඟ එක්ව සහයෝගීතා පවත්වමින් පැරිස් ඔලිම්පික් උළෙලේ වාර්තාකරණයට පොදුවේ කටයුතු කරනු ඇතැයි ද Shen Haixiong මහතා සඳහන් කළේය. 


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම