ඉන්දීය ජනරජ දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-01-27 16:59:29
Share with:

75 වැනි ඉන්දියානු ජනරජ දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දියානු ජනාධිපතිනි Droupadi Murmu මහත්මිය වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරයි.

යහපත් හා ස්ථාවර චීන-ඉන්දීය සබඳතාවක් දෙරටේ ජනතාවගේ මූලික ප්‍රතිලාභවලට ගැ‍ලපෙන බව ෂී ජින් පි මහතා ඊයේ (26) යොමු කළ එම පණිවිඩයේ දැක්වේ. එය කලාපීය හා ලෝක සාමයට, ස්ථාවරත්වයට සහ සමෘද්ධියට හිතකර වන බව ද හෙතෙම කීය. Droupadi Murmu මහත්මිය සමඟ, ද්විපාර්ශ්වික සබඳතාව යහපත් හා ස්ථාවර මාර්ගය ඔස්සේ ඉදිරියට සංවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

එදිනම චීන අගමැති ලී ච්‍යං මහතා ඉන්දියානු අගමැති Narendra Modi මහතා වෙත ද  සුබ පැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම