චීන ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරයට දෙරටේ ජනාධිපතිවරුන් ගෙන් සුභ පැතුම්
2024-01-27 17:32:20
Share with:

චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය නිමිත්තෙන් දෙරටේ ජනාධිපතිවරු සුභ පැතුම් හුවමාරු කර ගනිති.

චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී වසර 60ක් සපිරෙයි. ඒ වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා අද(27) අන්‍යෝන්‍ය ලෙස සුභ පැතුම් පණිවුඩ හුවමාරු කර ගත්හ. 

සුභපැතුම් එක් කරමින් ෂී ජින්පිං මහතා පැවසුවේ වසර 60කට පෙර සීතල යුද්ධ මධ්‍යයේ චීනය හා ප්‍රංශය තානාපති මට්ටමේ රාජ්‍යතන්ත්‍රික සබඳතාව ස්ථාපිත කළ බවයි. ගතවූ වසර 60ක් තුළ, දෙරට සැමවිටම ස්වාධීන උපාය මාර්ගික ‍තෝරා ගැනීම් ස්ථිරව අනුගමනය කරමින් අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගීතා මගින් පොදු සංවර්ධනය ඉටු කර ඇත.සාධාරණ හුවමාරු මගින් ශිෂ්ටාචාර හුවමාරු පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම ප්‍රවර්ධනය කරමින් බහුපාර්ශ්වික සම්බන්ධීකරණය හරහා ගෝලීය අභියෝගයන්ට එක්ව මුහුණ දෙන බවද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.  

චීනය හා ප්‍රංශය ස්වාධීන විශාල රටවල් දෙකක් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් දෙකකි.දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ ආරම්භක අරමුණ මත සිය වගකීම් භාර ගන්නා චීනය හා ප්‍රංශය සාමය, සුරක්ෂිතභාවය, සමෘද්ධිය, දියුණුව කරා යන මානව සංවර්ධන මාර්ගය පොදුවේ නිර්මාණය කළ යුතු බවද ෂී ජින් පිං මහතාගේ සුභ පැතුම් පණිවුඩයේ දැක්වේ. 

වත්මන් ලෝකය පෙර නොවූ අයුරෙන් අර්බුදයන්ට මුහුණු දී ඇත. ප්‍රංශය හා චීනය මෙන් යුරෝපය හා චීනය පෙරට වඩා එක්ව ඉදිරියට ගමන් කළ යුතු අතර ගෝලීය අභියෝගයන්‍ට මුහුණ දීම සඳහා පොදු විසඳුමක් සොයා ගත යුතු බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි.ෂී ජින් පිං මහතා සමඟ එක්ව ආර්ථික, මානව, තරුණයන් හුවමාරු හා සහයෝගීතා පවත්වා ගෝලී‍ය ප්‍රශ්න සම්බන්ධ සංවාද හා සම්බන්ධීකරණය තහවුරු කිරීමට හැකිවෙතැයි Emmanuel Macron මහතා අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම