මානව හිමිකම් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින බව චීනය කියයි
2024-01-27 15:55:00
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 45වන සැසිවාරයේ විශ්වීය  සාමායික කාල සමා‍ලෝචන කාර්ය කණ්ඩායමේදී චීනය ඉහළ ඵලදායිත්වයක් පිළිබිඹු කළ බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චෙන් ෂූ මහතා  පවසයි.චීන මාධ්‍ය සමූහය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම පෙන්වා දුන්නේ මානව හිමිකම් සම්බන්ධ චීනයේ ඓතිහාසික ජයග්‍රහණයන්හී ප්‍රධාන සාධකය මානව හිමිකම් පිළිබඳ විශ්වීය මූලධර්මය ජාතික යථාර්ථයන් සමඟ ඒකාබද්ධ කරමින් රටේ ජාතික තත්වයන්ට ගැලපෙන සහ කාලානූරූප සංවර්ධන මාවතක් සොයා ගැනීම බවයි.චීනය මානව වර්ගයාගේ අනාගතය හා තම ජනාතාවගේ යහපැවැත්ම වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියා කරනු ඇත. සාමය,සංවර්ධනය,සහයෝගතාව හා විශ්වීය ප්‍රතිලාභ සහිත බහු ධ්‍රැව ලෝකයක් වෙනුවෙන් චීනය ‍පෙනී සිටින බවද චෙන් ෂූ මහතා පැවසීය.චීනය සිය සංවර්ධනය තුළින් ලෝකයට නව අවස්ථා උදාකරනු ඇත.ගෝලීය මානව හිමිකම් පාලනය සාධාරණ හා සියල්ල ඇතුළත් වන අයුරෙන් ඉදිරියට ගෙනයාමට චීනය සහාය වනු ඇත. පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාවත් ගොඩනැංවීමට චීනය ක්‍රියා කරනු ඇතැයි ද හෙතෙම එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම