යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක්
2024-01-27 15:15:34
Share with:

2024 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල්  බිලියන 04ක මුදලක් වෙන් කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන පියවර ගෙන ඇත.

2023 මහ කන්නයේ අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය  රුපියල් බිලියන 10ක මුදලක් වැය කර තිබේ. ඒ අනුව බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය බීජ බඩඉරිඟු, පොහොර සහ බිම් සකසා ගැනීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සියල්ල නැවත අයකර නොගන්නා පදනම යටතේ ගොවීන්ට ලබා දී ඇත.

ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ගොවීන්ට බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම පහසුකම් ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම