චීන අගමැතිගෙන් කුවේට් නව අගමැතිට සුබ පැතුම්
2024-01-27 17:33:33
Share with:

චීන අගමැති Li Qiang මහතා, කුවේට් රාජ්‍යයේ නව අගමැති Sheikh Muhammad Sabah Al-Salem Al-Sabah මහතා වෙත සුබ පැතුම් පිරිනමයි.

චීනය සහ කුවේට් රාජ්‍යය අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතී. රාජ්‍යන්තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගත වූ වසර 53ක් තුළ දෙරටේ සබඳතාව සැම විටම ස්ථිර හා නිසි ආකාරයෙන් සංවර්ධනය වෙමින් පවතී. 2022 වසරේ සිට මේ දක්වා ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Sheikh Meshal Al Ahmad Al Sabah එමීර්වරයා සමග දෙවරක් හමු වූ අතර එහිදී දෙරටේ සබඳතාව ගැඹුරු කිරීම සඳහා වැදගත් එකඟතාවන්ට ද එළඹ තිබේ. කුවේට් රාජ්‍යය සමඟ  එක්ව දෙරටේ නායකයන් එළඹුණු පොදු එකඟතාවන් ක්‍රියාත්මක කරමින් දෙරටේ අනෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කරමින් ඒ ඒ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගීතා පුළුල් කිරීමට චීනය අපේක්ෂා කරන බව Li Qiang මහතා අද (27) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. ප්‍රාදේශීය හා ජාත්‍යන්තර කටයුතු වල සංවාද හා සම්බන්ධීකරණ තහවුරු කර දෙරටේ සබඳතා ඉහළ මට්ටමෙන් සංවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද Li Qiang මහතා කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම