ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මෑත පෙරදිග සහන සහ කාර්ය ඒජන්සියට අතිරේක අරමුදල් සැපයීම අත්හිටුවයි
2024-01-27 18:11:52
Share with:

එක්සත් ජාතීන්ගේ මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන සහන සහ කාර්ය ඒජන්සියට අතිරේක අරමුදල් සැපයීම අත්හිටුවා ඇති බව ඇමරිකාව ප්‍රකාශ කරයි.

ඇමරිකාව එම තීරණය ගෙන ඇත්තේ 2023 දී ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ හමාස් සංවිධානයේ ප්‍රහාරයට එක් වීම පිළිබඳ එම ඒජන්සියේ සේවකයින් 12 දෙනෙකුට එරෙහි චෝදනාව නිසා බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (26) ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව ඇමරිකාවට "දැඩි කැළඹුම්" ස්වභාවයක් දැනෙන බවත්, එම චෝදනාව සමාලෝචනය කර අදාළ එක්සත් ජාතීන්ගේ ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කරනු ඇති බවත් ප්‍රකාශ කෙරිණ. සමාලෝචන කාලය තුළ එම ඒජන්සිය වෙත අතිරේක අරමුදල් සැපයීම අත්හිටුවා තිබේ.

එක්සත් ජාතීන්ගේ මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන සහන සහ කාර්ය ඒජන්සිය 1949 දී ස්ථාපිත කෙරිණ. ජෝර්දාන් ග‍ඟේ බටහිර ඉවුරේ, ගාසා තීරයේ, ජෝර්දානයේ, සිරියාවේ සහ ලෙබනනයේ වෙසෙන ලියාපදිංචි පලස්තීන සරණාගතයින්ට එම ඒජන්සිය මානුෂීය සහන, අධ්‍යාපනය සහ වෛද්‍ය සේවා සපයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම