අභ්‍යාවකා‍ශයේ විශාලතම ආරක්ෂක තර්ජකයා ඇමරිකාව බව චීනය කියයි
2024-01-26 17:12:47
Share with:

ඇමරිකාව අභ්‍යාවකාශ යුධකරණයේ විශාලතම ප්‍රවර්ධකයා හා අභ්‍යාවකාශ ආරක්ෂාවේ විශාලතම තර්ජකයා බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (26) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.ඇමරිකානු අභ්‍යාවකාශ හමුදාව නිකුත් කළ “අභ්‍යාවකාශ තරඟය පිළිබඳ තක්සේරු වාර්තාව” සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු‍ දෙමින් හෙතෙම අදහස් පළ කළේය.

ඇමරිකාව දිගු කාලීනව ඊනියා ‘චීනයෙන් ඇති අභ්‍යාවකාශ තර්ජනය’ පිළිබඳ කතාව උද්දීපනය කරමින් චීනයට එරෙහිව අපහාස කිරීමට උත්සාහ කර ඇත. සිය රටේ අභ්‍යාවකාශ යුද බලය ව්‍යාප්ත කර යුද ආධිපත්‍යය සහතික කිරීමට හේතුවක් සෙවීම එහි අරමුණ බව හෙතෙම විග්‍රහ කළේය. 

ඇමරිකාව අභ්‍යාවකාශය සටන්බිමක් ලෙස විවෘතව නිශ්චය කර  ඇත. අභ්‍යාවකාශ යුද හැකියාව ශක්තිමත් කිරීමෙහි නියැළී සිටින එරට අභ්‍යාවකාශ හමුදාකරණය හා යුධභූමිකරණයේ විශාලතම ප්‍රවර්ධකයා හා අභ්‍යාවකාශ ආරක්ෂාවේ විශාලතම තර්ජකයා බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

අභ්‍යාවකාශය සාමකාමීව භාවිත කිරීම චීනය ස්ථිර ලෙස අනුගමනය කරයි. අසත්‍ය කතා ප්‍රචාරය කිරීම හා අභ්‍යාවකාශය තුළ යුදධමය සූදානම් කිරීමේ ක්‍රියාවන් නතර කර සැබවින්ම සිය වගකීම භාර ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව වං වෙන්බින් මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම