රුසියානු ගුවන් යානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඇරඹේ
2024-01-26 10:56:53
Share with:

IL-76 රුසියානු හමුදා ගුවන් යානය කඩාවැටුණු ස්ථානයේ සුන්බුන් හා යානයේ කළු පෙට්ටිය සොයාගෙන, සිදු වූ දේ නිවැරදිව තහවුරු කිරීම සඳහා අදාළ විශේෂඥයන් යොමු කළ බව රුසියානු විමර්ශන කමිටුව පවසයි. මේ පිළිබඳ නිවේදනය ඊයේ (25) පළකෙරිණ.

අදාළ ගුවන් යානය, යුක‍්රේනයේ ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාරයකට ලක් වූ බව මූලික විමර්ශනයේ දී හෙළිවිය. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් Dmitry Peskov මහතා ඊයේ (25) පැවසුවේ, රුසියානු හමුදාව නිවැරදි වේලාවට දැනුම්දීම  සිදු කළ ද  යුක්රේන හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කර යුද සිරකරුවන් රැගත් IL-76 යානය බිම හෙළූ බවයි.

සිද්ධිය පිළිබඳ විනිවිදභාවයෙන් යුතු ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි මහතා 24 වැනිදා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම