ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව එල්ල කරන ලද ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයෝ 22 දෙනෙක් ජීවිතක්ෂයට
2024-01-26 11:37:06
Share with:

ගාසා තීරයේ  ඛාන් යුනිස් ප්‍රදේශයට ඊශ්‍රායල හමුදාව එල්ල කරන ලද අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයෝ 22 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

සෞදි අරාබියේ Al Arabiya රූපවාහිනිය අද (26) මේ බව වාර්තා කළේය. ගෙවී ගිය පැය 24 තුළ, ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ දකුණු නගරයක් වන ඛාන් යුනිස් වෙත එල්ල කරන ලද ප්‍රබල බෝම්බ ප්‍රහාරයෙන් බරපතල හානි සිදු වී ඇති අතර ප්‍රාදේශීය රෝහල් රැසකට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට නොහැකි බව වාර්තා විය.

ගෙවී ගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මරණ 200ක් සහ තුවාල ලැබූ සංඛ්‍යාව 370ක් බව ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය ‍දෙපාර්තමේන්තුව පසුගිය 25වැනිදා හෙළි කළේය. නව වටයේ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම පසුගිය වසරේ ඔක්තෝම්බර් 7 දා ආරම්භ වූ දා සිට, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයන් 25900 කට වැඩි පිරිසක් මිය ගොස් 64000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එහි වාර්තා විය.

ඊශ්‍රායලය ද සටන් විරාමය අනුගමනය කරන්නේ නම්, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය විසින් නිකුත් කරන ඕනෑම සටන් විරාම තීරණයක් හමාස් සංවිධානය අනුගමනය කරන බව හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි Osama Hamdan පසුගිය 25වැනිදා ප්‍රකාශ කළේය. සම්පූර්ණ සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමටත් අනෙකුත් සියලු අවබෝධතා කොන්දේසි සඳහා එකඟ වීමටත් පදනම වනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම