ගෝලීය ගැටළු විසඳීමට වැදගත් වන චීන ප්‍රංශ සමීප සබඳතාව
2024-01-26 19:40:21
Share with:

ඊයේ (25) බෙයිජිංහි චීන ජාතික මහා රඟහලේදී, චීන සහ විදේශීය කලාකරුවෝ එක්ව අසිරිමත් සංස්කෘතික ප්‍රසංගයක් ඉදිරිපත් කළහ. චීනය සහ ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 60 වැනි සංවත්සරයට එය විශේෂ තිළිණයක් ලෙසට සැලකේ.

එම 60 වැනි සංවත්සරය සැමරීම සඳහා එදින රාත්‍රියේ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්විණ. චීන-ප්‍රංශ රාජ්‍ය නායකයෝ එම උත්සවයට වීඩියෝ ආකාරයෙන් දේශන පැවැත්වූහ. දෙරට සබඳතාවේ අද්විතීය ඉතිහාසය තුළින්, ස්වාධීනත්වය, අන්‍යෝන්‍ය අවබෝධය, දූරදර්ශීභාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය සහිත "චීන-ප්‍රංශ ආත්මය" ගොඩනැගී ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තම දේශනයෙන් අවධාරණය කළේය. දෙරටේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව ලෝක සාමය සහ ස්ථාවරත්වයට ද හිතකර වන හවුල්කාරීත්වයක් දෙරට විසින් ගොඩනැගිය යුතු බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා එහිදී පෙන්වා දුන්නේය.

බටහිර රටවල් සමඟ හුවමාරු  පැවැත්වීමේදී ප්‍රංශය චීනයට සුවිශේෂී රටකි. චීනය සමඟ නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ඇති කර ගත් පළමු විශාල බටහිර රට ප්‍රංශයයි. චීනය සමඟ පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වයක් ගොඩ නැංවූ  පළමු විශාල බටහිර රට ද ප්‍රංශයයි. ගෙවි ගිය වසර 60 තුළ, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීන-ප්‍රංශ සබඳතාව සෑම විටම චීන-බටහිර රටවල සබඳතාවල ඉදිරියෙන් සිටී.

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් වශයෙන් දෙරට ම සාමයට ලැදි වන අතර සැබෑ බහුපාර්ශ්විකත්වය අනුගමනය කරමින් කඳවුරු ගැටුමට විරුද්ධ වෙමින් සිටී. දේශගුණික විපර්යාස විසඳීම සහ ජෛව විවිධත්ව ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම  සම්බන්ධයෙන්, මෑත වසරවල චීනය සහ ප්‍රංශය විවිධ සහයෝගීතා ගොඩනගා තිබේ. අඛණ්ඩව මතු වෙමින් පවතින භූ දේශපාලන ගැටුම් ලිහිල් කිරීමට, දෙරට  සක්‍රිය ව ක්‍රියා කරයි. කැළඹිලි සහිත වත්මන් ලෝක තත්ත්වය මධ්‍යයේ, ජගත් ස්ථාවරත්වය සඳහා චීනය සහ ප්‍රංශය වඩා සමීපව සිටිමින් ගෝලීය පාලනයේ  ගැටළු විසඳීමට කැපවිය යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම