එකම චීනය ප්‍රතිපත්තිය යළි තහවුරු කළ චීන-නාවුරු සබ‍ඳතාව
2024-01-26 11:41:53
Share with:

පසුගිය දා චීනය හා නාවුරු ජනරජය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා යළි ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබීමෙන් පසු චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කළ රටවල් සංඛ්‍යාව 183 දක්වා වැඩි වී ඇත. ඒ සමග මේ වනවිට තායිවානය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇත්තේ රටවල් 12කට පමණි.

නාවුරු ජනරජය චීනය සමග යළි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කළේ කොන්දේසි විරහිතව ය. එක්සත් ජාතීන්ගේ 2758 වැනි යෝජනාවට අනුව චීන මහජන සමූහාණ්ඩුව චීනය නියෝජනය කරන එකම නිත්‍යනුකූල රජය බවත්, තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි ‍කොටසක් බවත්, තම රට පිළිගන්නා බව නාවුරු චීනය සමග අත්සන් කළ එම නිවේදනයේ සඳහන් කරයි. 2016 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය බලයට පැමිණි පසු රටවල් 10ක් තායිවාන පාලකයන් සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවා තිබේ. මෑතකදී නාවුරු තායිවානය අත්හැර චීන රජය සමග රාජ්‍යතාන්ත්‍රික යළි ආරම්භ කිරීමත් සමග තායිවාන පාලකයන් ජගත් ප්‍රජාව අතර තවදුරටත් හුදකලා වීමේ තත්ත්වයක් පෙන්නුම් කරයි.

මෑත වසරවල චීනයේ ආධාර යටතේ පැපුවා නිව්ගිනියාව, වනුවාටු, සොලමන් දූපත් ඇතුළු පැසිෆික් දූපත් රටවල යටිතල පහසුකම්, ආර්ථික වර්ධනය හා රැකියා නියුක්තිය තවත් ඉහළ මට්ටමකට ගෙන යනු ලැබිණ. නාවුරු චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා යළි ආරම්භ කිරීමෙන් පසු දෙරට විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“තායිවාන පාර්ශ්වයේ අදහස් සමග එකඟ වෙනවා ද නැද්ද යන්න කල්පනා කරමින් සිටින අය ඉන්නවා. ඒ අයට මම කියන්න කැමතියි වෙනස් වෙන්න ”යනුවෙන් නාවුරු විදේශ ඇමතිවරයා පවසා ඇත. එකම චීනය ප්‍රතිපත්තියට අනුකූලව රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව හා වැදගත්කම ඔහුගේ මෙම අදහස් මගින් පැහැදිලි වේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම