චීනය ලෝකයේ බලශක්ති පවිත්‍රකරණයේ ප්‍රායෝගික ප්‍රවර්ධකයෙකු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2024-01-26 17:17:06
Share with:

2030 වසරට ඉලක්ක කර ඇති  සුළං සහ සූර්ය ශක්ති සංවර්ධන ඉල්ලකය මෙම වසරේදී ඉටු කර ගැනීමේ හැකියාවක් චීනය සතුවන බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය මෑතකදී ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හුමවේදී වාර්තාකරුවෙක් චීනයේ ප්‍රතිචාර විමසීය.

මෑත වසරවල සූර්ය, සුළං හා න්‍යෂ්ටික බලශක්ති සහ නව බලශක්ති වාහන ඇතුළු පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රවල චීනයේ ජයග්‍රහණ ලොව පුරා අවධානයට ලක්ව ඇති බව ප්‍රකාශක Wang Wenbin මහතා පැවසීය. චීනය ලෝකයේ බලශක්ති පවිත්‍රකරණයේ ප්‍රායෝගික ප්‍රවර්ධකයෙකු බව ද හෙතෙම පෙන්වා දුන්නේය. කෙටි කාලයක් තුළ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේදී අනුගාමිකයෙකුගේ සිට ප්‍රමුඛයෙක් බවට පරිවර්තනය වීමට චීනය සමත්ව ඇත. එසේම ගෝලීය බලශක්ති ආර්ථිකයේ පරිවර්තනය සහ ලෝක ආර්ථිකයේ අඩු කාබන් වර්ධනය සඳහා චීනය ධනාත්මක දායකත්වයක් ලබා දුන් බව Wang Wenbin මහතා කීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම