චීන - ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 60 වැනි සංවත්සර උළෙලට චීන විදේශ ඇමති එක්වෙයි
2024-01-26 10:47:29
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා චීනය සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 60 වැනි සංවත්සර උළෙලට එක්වෙයි. එය බෙයිජිං අගනුවර දී ඊයේ (25) පැවැත්විණ. උළෙලට එක් වූ පිරිස ප්‍රථමයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා වීඩියෝ ආකාරයෙන් පැවැත්වූ දේශනවලට සවන් දුන්හ.

චීනය සහ ප්‍රංශය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ වැදගත්කම සහ එහි කීර්තිමත් ඉතිහාසය පිළිබඳව රාජ්‍ය නායකයන් දෙපළ පළ කළ ධනාත්මක අදහස් තුළ, ඉදිරි වසර 60 ක් සඳහා චීන-ප්‍රංශ සබඳතා වර්ධනයට අදාළ පුළුල් සැලැස්මක් අන්තර්ගතව ඇතැයි වං යී මහතා පැවසීය. දෙපාර්ශ්වයේම අනාගත ප්‍රයත්න සඳහා නිවැරදි දිශාව ඉන් පෙන්වා දී ඇති බව ද හෙතෙම පැවසීය. චීනය සහ ප්‍රංශය අතර ගැටුමක් නොමැති අතර, සියලුදෙනාටම ප්‍රතිලාභ හිමිවන, සමාන සහ ක්‍රමවත් බහු-ධ්‍රැව ලෝකයක් නිර්මාණය කිරීම සහ ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටටම අවශ්‍යතාවක් ඇත. චීනය සහ ප්‍රංශය තම වගකීම ප්‍රදර්ශනය කළ යුතු බවත්, චීන-යුරෝපා සංගම් සබඳතාවල ස්ථාවරත්වය සහ දිගුකාලීන සංවර්ධනයට නායකත්වය දෙමින් ලෝක සාමය, හා සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දිය යුතු බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම