එකම චීන මූලධර්මය පිළිපදින ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් වර්ධනය වනු ඇති බව චීනය පවසයි
2024-01-26 18:33:32
Share with:

එකම චීන මූලධර්මය අනුගමනය කරන ලෙස චීනය ඇතැම් රටවලින් ඉල්ලයි.

චීනය සහ නාවුරු ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීම තුළින්, එකම චීන මූලධර්මය පිළිපැදීම පොදු අපේක්ෂාවක් හා බාධා කළ ‍නොහැකි ප්‍රවණතාවයක් යන්න ලෝකයට පෙන්වා දෙන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (26) පැවසීය.

එම මූලධර්මය පිළිපදින ජාත්‍යන්තර ප්‍රජාව තවදුරටත් වර්ධනය වනු ඇති බව ද හෙතෙම කීය. චීනයේ තායිවාන ප්‍රදේශය සමඟ තවමත් ඊනියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන රටවල් ජාත්‍යන්තර පොදු අපේක්ෂාව අනුගමනය කර හැකි ඉක්මනින් එකම චීන මූලධර්මය ආරක්ෂා කරන ජාත්‍යන්තර ප්‍රජාවට එක් විය යුතු බව Wang Wenbin මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම