ඉරාකය හා ඇමරිකාව උසස් පෙළේ යුද කොමිසමක් ස්ථාපනය කරයි
2024-01-26 11:36:06
Share with:

ඉරාකය හා ඇමරිකාව උසස් පෙළේ යුද කොමිසමක් ස්ථාපනයට  පියවර ගනී. මේ යටතේ, ඇමරි‍කාව ප්‍රමුඛ සන්ධානය ඉරාකයේ රැඳීසිටීම අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති බව ඉරාක විදේශ අමාත්‍යාංශය ඊයේ (25) නිවේදනය කළේ ය.

ඉරාක රජය පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ඇමරිකාව සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. නව යුද කොමිසම මගින් මේ සඳහා නිශ්චිත කාලසටහනක් සකස් කිරීමට නියමිත ය. ඇමරි‍කාව ප්‍රමුඛ සන්ධානය ඉරාකයේ රැඳීසිටින කාලසීමාව තීරණය කිරීමට ඉන් අපේක්ෂා කෙරේ. ඇමරිකානු ජාතිකාරක්ෂක අමාත්‍යාංශය ද ඊයේ (25) නිකුත් කළ නිවේදනයකින් මේ බව සනාථ කර ඇත.

කෙසේවෙතත්, ඇමරිකාවේ හා ඉරාකයේ නිලධාරීන් පවසා ඇත්තේ දෙපාර්ශ්වයේ සාකච්ඡා මාස කිහිපයක් තිස්සේ පවතිනු ඇති බවයි. අවසාන ප්‍රතිඵලය පහසුවෙන් අනාවරණය කළ නොහැකි වන අතර, කෙටි කලක් තුළ ඇමරිකානු හමුදාව ඉරාකයෙන් ඉවත් කර නොගන්නා බව Reuters පුවත් සේවය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම