මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩස‍ටහනේ සහාය
2024-01-26 18:17:30
Share with:

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනයට සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩස‍ටහන පවසයි. එම වැඩසටහනේ මෙරට නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණ.

ඩෙංගු මදුරු මර්දනය, ඩෙංගු කීටයන් හා මදුරුවන් බෝ වන ස්ථාන මෙන්ම මදුරු ව්‍යාප්තිය පිළිබඳව හඳුනා ගැනීම වැනි කරුණු සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම සහ ඊට අවශ්‍ය නවීන තාක්ෂණික මෙවලම් භාවිත කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙම හමුවේදී ඉල්ලීමක් කර තිබේ.

ඊට අමතරව මෙරට වැඩිහිටි ජනගහණය හා ආබාධිත පුද්ලයන්ගේ ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමභාවය හා කඩිනම්භාවය තවදුරටත් ඉහල නැංවීමට නවීන තාක්ෂණය භාවිත කිරීම පිළිබඳවද අවධානය යොමු විය. එම ඉල්ලීම් වෙනුවෙන් උපරිම සහාය ලබා දීමට කුබෝටා මහත්මිය එහදී එකඟතාව පළ කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම