ත්‍රස්ත විරෝධී ප්‍රශ්නය පිළිබඳව ද්විත්ව ප්‍රමිතීන් යොදා ගැනීමට චීනයේ විරෝධය
2024-01-26 18:36:15
Share with:

 ත්‍රස්ත විරෝධී ප්‍රශ්නය පිළිබඳව ද්විත්ව ප්‍රමිතීන් යොදා ගැනීමට චීනය විරුද්ධ බව ප්‍රකාශ කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ අද(26) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඉන්දියානු ඔත්‍තු සේවකයින් පාකිස්තානයේ සිදුවූ පාකිස්තාන පුරවැසියන්ගේ ඝාතනයට එක්වූ බව පාකිස්තාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ(25) පැවසූ බව මාධ්‍ය වේදියෙක් එහිදී සඳහන් කළේය. ඉන්දියාව පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල පවතින ත්‍රස්තවාදී සංවිධානවලට සහාය දීම සම්බන්ධයෙන් සාක්ෂි ඇතැයි Global Times පුවත්පත ද වාර්තා කර ඇතැයි ද ඔහු කීය. මේ පිළිබඳ චීනයේ මතය කවරේ දැයි ඔහු විමසුවේය.

ත්‍රස්තවාදය මානවයින්ගේ පොදු සතුරෙකි. ත්‍රස්ත විරෝධී ප්‍රශ්නය පිළිබඳව ද්විත්ව ප්‍රමිතීන් යොදා ගැනීමට චීනය තරයේ විරුද්ධ බවත් එවන් ක්‍රියා තමාටත් අන් රටවලටත් හානිකර බවත් වං වෙන්බින් මහතා අවධාරණය කළේය. විවිධ රටවල් සමග ත්‍රස්ත විරෝධී සහයෝගතා ශක්තිමත් කරමින් කවර හෝ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීම චීනයේ ප්‍රතිපත්තිය බව ද ඔහු ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම