ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්මට කැබිනට් අනුමැතිය
2024-01-26 18:24:19
Share with:

ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.

මිනිසා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම මහජන සෞඛ්‍ය අවදානම් දහය අතුරින් එකක් ලෙසට ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය හඳුනා ගෙන තිබේ.

එම ප්‍රතිරෝධ බලපෑම මත ඖෂධ ප්‍රතිරෝධක බැක්ටීරියා මගින් වාර්ෂිකව සෘජුවම මරණ මිලියන 1.27ක් පමණ සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2019 වසරේදී ඇස්තමේන්තු කළේය.

එම තත්ත්වය මත එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන ෆ්⁣ලෙමින් අරමුදලේ ප්‍රධාන වැඩසටහන මගින් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් 25කට පමණ ප්‍රති ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස සහාය ලබා දෙනු ලබයි. එම ප්‍රධාන වැඩසටහන සහාය ලබා ගනිමින් ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ වී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම