“එක් තීරයක් එක් මාවතක් ” වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීමට එක්වීමේ ගෝලීය පොදු අපේක්ෂා හා ප්‍රබල එකඟතා පිළිබිඹු වෙයි
2024-01-25 17:12:10
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීම මගින් යටිතල පහසුකම් සංවර්ධනය සහ අන්‍යෝන්‍ය ගමනාගමනය හා සන්නිවේදනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාවන් ගෝලීය වශයෙන් පොදුවේ ඉහළ සැලකීමට ලක්වූ බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහාත අද(25) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීනය ඉදිරිපත් කළ “එක් තීරයක් එක් මාවතක් ” වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීම ඉතා වැදගත් වන අතර එය සියළු රටවල්වලට යුගයේ අවශ්‍යතාවක් බව වත්මන් රතු මුහුදු අර්බුදයෙන් පිළිබිඹු වී ඇතැයි මෑතකදී ඇමරිකානු “විදේශ ප්‍රතිපත්ති” සඟරාව ලිපියක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා ‍ අදහස් පළ කළේය.

“එක් තීරයක් එක් මාවතක් ” වැඩපිළිවෙල හේතුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ගමනාගමන හා සන්නිවේදන සබඳතා යන ක්ෂේත්‍රවල සහයෝගීතා ඉහළ අවධානයකට ලක්විය. ජාත්‍යන්තර නිෂ්පාදන හා සැපයුම් දාමයන්හී ස්ථාවරත්වය සුරක්ෂිත කර ගෝලීය ආර්ථික සංවර්ධනයට ප්‍රබල ශක්තියක් ඉන් ලැබී ඇතැයි ද හෙතෙම පැවසීය. එම වැඩපිළිවෙලේ සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ප්‍රාදේශීය බහුපාර්ශ්වික පද්ධති වල වැදගත් ලිපිලේඛනවලට අන්තර්ගත වී තිබේ. ජගත් ප්‍රජාව “එක් තීරයක් එක් මාවතක් ” වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීමට එක්වීමේ පොදු අපේක්ෂා හා ප්‍රබල එකඟතාව එමගින් පිළිබිඹු වූ බව වං වෙන්බින් මහතා සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම