චීනය සහ සිංගප්පූරුව අතර වීසා රහිත ගිවිසුමක්
2024-01-25 15:50:30
Share with:

චීනය සහ සිංගප්පූරුව අන්‍යෝන්‍ය වශයෙන් වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අදාළ ගිවිසුමට අත්සන් තබයි.

චීන මහජන සමූහාණ්ඩුව හා සිංගප්පූරු සමූහාණ්ඩුවේ සාමාන්‍ය ගමන් බලපත්‍රය දරන පුල්ගලයන්‍ට රටවල් දෙක අතර වීසා රහිතව ගමන් කිරීමට පහසුකම් සැලසීම පිළිබඳ ගිවිසුමට අද(25) බෙයිජිං හිදී  අත්සන් තැබිණ. පෙබරවාරි මස 9 වනදා සිට එය නිල වශයෙන් ක්‍රියාත්මකයි. එමගින් සංචාරය, ඥාතින් බැලීම, වාණිජ්‍ය කටයුතු යන ක්‍රියාකාරකම් සඳහා දින 30ක කාලයක් රැඳී සිටීමේ අවස්ථාව සාමාන්‍ය ගමන් බලපත්‍රලාභීන්ට හි‍මිවෙයි.රැකියා, මාධ්‍ය වාර්තා යන පූර්ව අවසර ලබා ගත යුතු ක්‍රියාකාරකම් හෝ දින 30කට වඩා වැඩි කාලයක් රැඳී සිටීම සඳහා වීසා බලපත් ලබා ගත යුතු ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම