‍ ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’
2024-01-25 14:55:02
Share with:

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කෙරේ.

මෙම වැඩසටහනෙහි පළමු අදියර මෙම මස 26 වැනිදා වෙන්නප්පුව, වැල්ලමංකරය ධීවර වරායෙන් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

මෙම වැඩසටහන යටතේ සියලු ධීවරයන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයන්ට ලක් කර වෛද්‍ය සහතිකයක් ලබාදීමට පියවර ගැනේ. මේ සඳහා සෑම ධීවර වරායක්ම ආශ්‍රිතව පිහිටා ඇති රජයේ රෝහලක් නම් කිරීමට තීරණය කර ඇත. මෙම වෛද්‍ය සහතිකය වසර දෙකක කාලයක් සඳහා වලංගු වන අතර  අදාළ ධීවරයා විසින් සෑම වසර දෙකකට වරක් තම වෛද්‍ය සහතිකය ලබාගත යුතුය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම