හමාස් සංවිධානය සමග කඩිනමින් සාම සාකච්ඡා අරඹන ලෙස ඊශ්‍රායල ජනතාවගෙන් රජයට ඉල්ලීමක්
2024-01-25 11:57:22
Share with:

හමාස් සංවිධානය සමග කඩිනමින් සාම සාකච්ඡා ආරම්භ කරන ලෙස ඊශ්‍රායල ජනතාව රජයෙන් ඉල්ලයි.

ඊශ්‍රායල උද්ඝෝෂණකරුවෝ ඊයේ (24) එරට Tel Aviv නුවර වීදිවල රැස් වූහ. ඔවුහු සටන් පාඨ අතැතිව හමාස් සංවිධානය සමග කඩිනමින් එකඟතාවයකට පැමිණෙ ලෙසත්, ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත් ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටියහ. එම උද්ඝෝෂණකරුවන් අතරින් බහුතරයක් වූයේ කාන්තාවන් ය. ඔවුන් Tel Aviv නගරයේ අධිවේගී මාර්ගයක් ද සිර කරමින් උද්ඝෝෂණ පැවැත්වූ බව The Times of Israel පුවත්පත වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම