යුක්රේනය විසින් වෙඩි තබා බිම හෙලූ රුසියානු හමුදා ගුවන් යානය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විවෘත සමුළුවක්
2024-01-25 10:25:49
Share with:

රුසියාවේ Belgorod ප්‍රාන්තයේ ආණ්ඩුකාර Vyacheslav Gladkov මහතා ඊයේ (24) තහවුරු කළේ එම ප්‍රාන්තයට කඩා වැටුණු Il-76 හමුදා ප්‍රවාහන ගුවන් යානයේ සිටි සියලු දෙනා මිය ගොස් ඇති බවයි.

යුක්රේනය විසින් Belgorod ප්‍රාන්තයට ඉහළින් ගමන් කරමින් සිටි හමුදා ප්‍රවාහන ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලූ බව රුසියානු ජාතිකාරක්ෂක අමාත්‍යාංශය පැවසීය. මෙම ගුවන් යානය අල්ලා ගත් යුක්රේන හමුදා භටයින් රුගෙන Moscow ප්‍රාන්තයේ සිට Belgorod ප්‍රාන්තයට පියාසර කර ඇත.

ඒ අනුව රුසියානු Il-76 නම් ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් විවෘත සමුළුවක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංචාරයක නිරතව සිටි රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා ඊයේ (24) ප්‍රකාශ කළේ රුසියාව සහ යුක්රේනය යුද සිරකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් මීට පෙර එකඟතාවකට පැමිණ ඇති නමුත් අල්ලා ගත් යුක්රේන හමුදා භටයින් රැගත් රුසියානු හමුදා ගුවන් යානය යුක්රේනය විසින් වෙඩි තබා බිම හෙලූ බවයි. මේ සම්බන්ධයෙන් හදිසි සමුළුවක් පවත්වන ලෙස රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම