චීන- සිංගප්පූරු වීසා රහිත ගිවිසුම නව අවුරුදු තිළිණයක් බව චීන විදේශ අමාත්‍යංශය කියයි
2024-01-25 16:47:03
Share with:

චීනය සහ සිංගප්පූරුව අන්‍යෝන්‍ය වශයෙන් වීසා රහිත ප්‍රතිපත්තිය පිළිබඳ ගිවිසුමට එළඹීම දෙරටේ ජනතාවට ලැබුණු වසන්න උත්සව තිළිණයක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (25) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය. 

චීන-සිංගප්පූර ද්විපර්ශ්වික මානව හුවමාරු චීනය ඉතා වැදගත් කොට සලකන බව වං වෙන්බින් මහතා පැවසීය.එම ගිවිසුම එළඹෙන පෙබරවාරි මස 9 වනදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක වෙයි. එමගින් දෙරටේ සාමාන්‍ය ගමන් බලපත්‍රලාභීන්ට දින 30ක කාලයක් රැඳී සිටීමේ අවස්ථාව හි‍මිවෙයි. සාම්ප්‍රදායික චන්ද්‍ර දින දර්ශනයේ මකරාගේ වසර එළඹීමට පෙර එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම දෙරටේම ජනතාවට හිමිවූ නව අවුරුදු තිළිණයකි. එය දෙරටේ මානව හා සංස්කෘතික හුවමාරු තවදුරටත් තහවුරු කර චීන-සිංගප්පූරු සබඳතාව හා ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගීතා අඛණ්ඩව සංවර්ධනය කිරීමට හේතුවනු  ඇතැයි වං වෙන්බින් මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම