ආසියානු මූල්‍ය සංසදය හොංකොං හි දී
2024-01-25 11:51:05
Share with:

ආසියානු මූල්‍ය සංසදය ඇරඹේ. ‘බහුපාර්ශ්වික සහයෝගිතාවෙන් යුතු නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීම’ එහි ප්‍රධාන තේමාවයි. දෙදින සංසදය ඊයේ (24) චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ දී ඇරඹිණ.

හොංකොං හි ප්‍රධාන විධායක නිලධාරී Lee Ka Chiu මහතා සංසදයට එක්වෙමින් පැවසුවේ, ‘එක රටක් ක්‍රම දෙකක්’  ප්‍රතිපත්තිය හොංකොං හි මූල්‍ය කර්මාන්තය වෙත දිගුකාලීන අවස්ථා ලබා දී ඇති බවයි. මේ පසුබිම යටතේ, බරපතල අභියෝග හමුවේ පවා හොංකොං හි මූල්‍ය කර්මාන්තය සවිමත් අයුරින් වර්ධනය කිරීමට හැකි වී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

මෙවර සංසදයට ‘චීන අවස්ථා’ යන තේමාවෙන් යුතු සාකච්ඡා සභාවක් එක් කර තිබීම විශේෂත්වයකි. චීන මහ ගොඩබිමේ වෙළඳපොළ සතු නවතම විභවතා සහ ඒ සම්බන්ධයෙන් හොංකොං වෙත පැවරෙන කාර්යභාරය හා සුවිශේෂතා කෙරෙහි එහි අවධානය යොමු ව තිබේ. මීට සමගාමීව, සාකච්ඡා සභා 40 කට අධික සංඛ්‍යාවක්  පවත්වා ඇත. මූල්‍ය හා වාණිජ ක්ෂේත්‍රයන් හි නියෝජිතයෝ 3000කට අධික පිරිසක් ගෝලීය ආර්ථිකයේ ඉදිරි දැක්ම, චීන අවස්ථා සහ හරිත මූල්‍ය ක්‍රමවේද ඇතුළු තේමා රැසක් පිළිබඳව එහිදී සාකච්ඡා කළහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම