චීන ප්‍රංශ සබඳතාවේ වැදගත්කම චීන ජනපති ඉහළින් අගය කරයි
2024-01-25 19:19:19
Share with:

චීන ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 60වැනි සංවත්සරය සඳහා පැවති භෝජන සංග්‍රහය වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් කතාවක් කරයි.

 එම භෝජන සංග්‍රහය අද(25) බෙයිජිංහි පිහිටි ජාතික මහා රඟහලේ දී පැවැත්විණ. 

 වසර 60කට පෙර චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීම ජාත්‍යන්තර සබඳතා ඉතිහාසයේ දැවැන්ත සිදුවීමකි. එවක චීන රාජ්‍ය සභාපති මාඕ සේතුං මහතා හා ජනරාල් Charles André Joseph Marie de Gaulle මහතා දූර දර්ශී බුද්ධිය හා ධෛර්යයෙන් යුතුව චීනය හා බටහිර ලෝකය අතර සහයෝගතාව කෙරේ ‍ද්වාරයක් විවර කළහ. ඒ සමගම, සීතල යුද්ධයට මුහුණදී සිටි ලෝකයට නව බලාපොරොත්තුවක් ගෙන දුන් බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.  ගෙවී ගිය වසර 60 තුළ චීන ප්‍රංශ සම්බන්ධතාව සැමවිටම චීන-බටහිර රටවල් සම්බන්ධතාවන්හි ප්‍රමුඛ ස්ථානයක පසු වේ. ඉන් දෙරටේ ජනතාවට සුබසෙත නිර්මාණය කර ඇති අතර ලෝක සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනයට ද  දායකත්වයක් සපයා තිබේ.

නව යුගයේ විපර්යාස මධ්‍යයේ චීනය හා ප්‍රංශය, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ඇතිකිරීමේ පරමාදර්ශය අමතක නොකර අනාගතය කරා නිර්භීතව ක්‍රියා කළ යුතුය. ලෝකයේ අවිනිශ්චිතතාවට මුහුණ දීම සඳහා ස්ථාවර චීන ප්‍රංශ සම්බන්ධතාව වැදගත්ය. චීන ප්‍රංශ සංස්කෘතික හා සංචාරක වසර, පැරිස් ඔලිම්පික් උළෙල යන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් දෙරටේ මානව හා සංස්කෘතික හුවමාරු මෙන්ම ජනතාව අතර සන්නිවේදනය ද පුළුල් කළ යුතුය. දෙරට සමානාත්මතාව, ගෝලීය බහුධ්‍රැවකරණය හා පොදු ප්‍රතිලාභ දිනා ගන්නා ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් පොදුවේ මුලපිරිය යුතුය. චීනය හා ප්‍රංශය‍ට අත්වැල් බැඳගෙන තවත් දීප්තිමත් දශක හයක් නිර්මාණය කළ හැකි යැයි විශ්වාස කරන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම