ස්වීඩනය නේටෝ සංවිධානයට එක්වීමට හංගේරියානු අගමැතිගේ සහාය
2024-01-25 11:07:32
Share with:

ස්වීඩනය නේටෝවට එක්වීමට හංගේරියානු රජය සහාය දෙන බව හංගේරියානු අගමැති Viktor Orbán මහතා ඊයේ(24) නැවතත් අවධාරණය කළේ ය. නේටෝවට බැඳීමට ස්වීඩනයට ඡන්දය දෙන ලෙස හංගේරියානු පාර්ලිමේන්තුවෙන් දිගටම ඉල්ලා සිටින අතර හැකි ඉක්මනින් අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන බව Orbán මහතා සමාජ මාධ්‍යයේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

හංගේරියානු පාර්ලිමේන්තුවේ වසන්ත සැසිවාරය පෙබරවාරි මස අගදී ආරම්භ වීමට නියමිතයි. හංගේරියානු රජය 2022 ජූලි මාසයේදී ස්වීඩනය නේටෝ ක්‍රියාපටිපාටියට ඇතුළත් වීම පිළිබඳ පනත් කෙටුම්පතක් කොන්ග්‍රසයට ඉදිරිපත් කළේ ය. කෙසේ වෙතත්, බොහෝ කරුණු සම්බන්ධයෙන් දෙරට අතර ඇති වූ මතභේද මත, අදාළ ඡන්ද ක්‍රියා පටිපාටි කිසි විටෙකත් හංගේරියානු කොන්ග්‍රසයේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොවීය.

දැනට, ගිවිසුමට ස්වීඩනය ඇතුල්වීම අනුමත නොකළ එකම නේටෝ සාමාජික රට හංගේරියාවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම