සියලු නාවික හා ගුවන් හමුදා ගැටළුවලට හේතුව ඇමරිකාව බව චීනය කියයි
2024-01-25 16:42:40
Share with:

චීන-ඇමරිකා සමුද්‍රීය සහ ගුවන් ආරක්ෂක ගැටළුවල මූලික හේතුව ඇමරිකාවේ ප්‍රකෝපකාරී ක්‍රියා වන බව චීනය පවසයි.

පසුගියදා පැවති 17 වන චීන-ඇමරිකා ජාතික ආරක්ෂක අමාත්‍යංශ ක්‍රියාකාරී රැස්වීමේදී චීනය අවධාරණය කළේ ඇමරිකාව සිය භට පිරිස් දැඩි ලෙස පාලනය කළ යුතු බවයි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොකර පියාසර කිරීම සහ යාත්‍රා කිරීම අඛණ්ඩව සිදු කරන බව ඇමරිකාව එහිදී ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා අද (25)  ප්‍රතිචාර දැක්වීය.

චීනය සහ ඇමරිකාව අතර නාවික හා ගුවන් හමුදා ආරක්ෂක ගැටළුවලට මූලික හේතුව ඇමරිකාවේ යුධ නැව් සහ ගුවන් යානා චීනය ආසන්නයට අනවසරයෙන් පැමිණ ක්‍රියා කිරීම බව හෙතෙම පැවසීය. ඇමරිකාව ජාත්‍යන්තර නීතිය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්විය යුතුය. එමෙන්ම ඇමරිකාව සියලු ප්‍රකෝපකාරී ක්‍රියා නතර කර සිය භට පිරිස්වල ක්‍රියාකාරකම් දැඩි ලෙස පාලනය කිරීම, අදාළ සමුද්‍රීය සහ ගුවන් අනතුරු වළක්වා ගැනීමේ මූලික උපායමාර්ගය බව Wu Qian මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම