2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර අවසන් බව අධ්‍යාපන ඇමති කියයි
2024-01-24 16:00:15
Share with:

2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම උසස් පෙළ විභාගය පෙබරවාරි පළමු වනදා අවසන් වන බවත් උත්තර පත්‍ර සමීක්ෂණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර සමීක්ෂණය කරන ගුරුවරුන්ට හා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට පසුගිය වසරේ දීමනා ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, එම කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම