චීනයේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්
2024-01-24 11:11:47
Share with:

චීනයේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථිකය ස්ථාවර වර්ධනයක පවතී.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක දී 2023 වසරේ ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථික තත්වය පිළිබඳව විස්තර කරමින් මේ බව ප්‍රකාශ කෙරිණ.

සංකීර්ණ දෙස්-විදෙස් ආර්ථික තත්ත්ව සහ නිතර සිදුවන ස්වාභාවික විපත් හමුවේ පවා චීන කෘෂිකාර්මික හා ග්‍රාමීය දෙපාර්තමේන්තු දැඩි ප්‍රයත්න තුළින් කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථිකයේ ස්ථාවර වර්ධන ප්‍රවණතාවක් පවත්වාගෙන ඇතැයි, චීන කෘෂිකාර්මික හා ග්‍රාමීය නියෝජ්‍ය අමාත්‍ය Deng Xiaogang මහතා එහිදී පැවසීය. එය උසස් තත්ත්වයේ සංවර්ධනයේ දී ආර්ථික ප්‍රකෘතිමත්භාවය සඳහා ප්‍රබල සහායක් ලබා දී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

2023 වසරේ චීනය ස්වාභාවික විපත්වලින් එල්ල වූ බලපෑම් නිසි ලෙස ජයගෙන ධාන්‍ය නිෂ්පාදනය අතින් මෙතෙක් වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ ඇත. එම සංඛ්‍යාව අඛණ්ඩව වසර 9 ක් තිස්සේ කිලෝ බිලියන 650 ක‍ට අධික අගයක් වාර්තා කරමින් ස්ථාවර මට්ටමක පැවතීම ද විශේෂත්වයකි.

එසේම, වැඩි පිරිසක් ගොවීන් ලෙස කෘෂිකර්මාන්තයට එක් ව ඇති අතර, ඔවුන්ගේ ආදායම ද වර්ධනය වී තිබේ. ග්‍රාමීය ජනතාවගේ ඒකපුද්ගල වාර්ෂික ආදායම චීන යුවාන් 21691 ක් ලෙස වාර්තා වී ඇත. එම අගය 2022 වසරට සාපේක්ෂව 7.6% ක වර්ධනයක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම