ගෝලීය මානව හිමිකම් සහතික කිරීම සඳහා චීනය ලබාදෙන දායකත්වයට ජගත් පැසසුම්
2024-01-24 11:09:23
Share with:

ගෝලීය මානව හිමිකම් සහයෝගීතා සහතික කිරීමට චීනය දක්වන සක්‍රිය දායකත්වය ජගත් මානව හිමිකම් නියෝජිතයන්ගේ පැසසුමට ලක්වෙයි.

මේ බව ප්‍රකාශ කෙරුණේ, චීනයේ එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි නිත්‍ය විමර්ශන ක්‍රියාකාරී කණ්ඩායම් සැසියේ අනුසමුළුවේ දී ය. එය, ‘ගෝලීය මානව හිමිකම් පාලනය හා චීනයේ අත්දැකීම්’යන තේමාව යටතේ ඊයේ (23) ජිනීවා නුවර දී පැවැත්විණ.

භූ දේශපාලනික වුවමනා ඉටුකර ගැනීම හා චීනය මර්දනය කිරීම සඳහා ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් පිළිබඳ අසත්‍ය කරුණු පදනම් විරහිතව හුවාදක්වමින් චීනයට ඒකපාර්ශ්වික සම්බාධක පනවන බව එම සමුළුවට එක් වූ නියෝජිතයෝ කියාසිටියහ. එය මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම පිළිබඳ ඔවුන්ගේ සුපුරුදු පිළිවෙත යි. මෙවැනි දේශපාලන මෙහෙයවීම් වෙනු‍වට අවංක ආකල්පවලින් යුතුව සංවාද පවත්වා විවිධ රටවලට ඵලදායී උපදෙස් ලබාදිය යුතු බව ද ඔවුහු අවධාරණය කළහ.

මානව හිමිකම් පොදු මූලධර්ම හා තම අවශ්‍යතා කෙරෙහි අවධානය යොමුකරමින් යුගයේ ප්‍රවණතාවට හා රටේ සැබෑ තත්ත්වයට ගැලපෙන මානව හිමිකම් සංවර්ධන මාවත චීනය ගවේෂණය කර ඇති බව ද එම නියෝජිතයෝ පෙන්වා දෙති.

ජනතා කේන්ද්‍රීය සංවර්ධන සංකල්පයෙහි රැඳීසිටින චීනය, ජීවත්වීමේ අයිතිය හා සංවර්ධනයේ අයිතිය ප්‍රමුඛ මානව හිමිකම ලෙස සලකයි. මානව හිමිකම් සංවර්ධනය සහතික කරමින්, ජාත්‍යන්තර මානව හිමිකම් සහයෝගිතා සහ බහුපාර්ශ්වික සංවාදයට චීනය ලබාදෙන සක්‍රිය දායකත්වය ද සමුළුවට එක් වූ නියෝජිතයන්ගේ ඇගැයීමට ලක් ව තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම