චීන රාජ්‍ය ව්‍යවසායන්ගෙන් චීන යුවාන් ට්‍රිලියන 39.8 ක වාර්තාගත ආදායමක්
2024-01-24 13:07:21
Share with:

පසුගිය වසරේ චීන රාජ්‍ය ව්‍යවසායන්ට අදාළ මෙහෙයුම්වලින් චීන යුවාන් ට්‍රිලියන 39.8 ක ඉහළ ආදායමක් සපුරා ගැනේ. චීනයේ රාජ්‍ය ව්‍යවසායන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙයි. රජය සතු වත්කම් අධීක්ෂණය පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩල කොමිෂන් සභාව විසින් අද (24) එය ඉදිරිපත් කරනු ලැබීය.

මෙම වාර්තාවට අනුව පසුගිය වසරේ චීන රාජ්‍ය ව්‍යවසායන්ට අදාළ මෙහෙයුම්වලින් චීන යුවාන් ට්‍රිලියන 39.8 ක ආදායමක් උපයාගෙන ඇති අතර, එහි සමස්ත ලාභය චීන යුවාන් ට්‍රිලියන 2.6 කි. මෙය උසස් තත්ත්වයේ ස්ථාවර වර්ධනයකි. එසේම, රාජ්‍ය ව්‍යවසාය පර්යේෂණ සහ සංවර්ධන අරමුදල් සඳහා චීන යුවාන් ට්‍රිලියන 1.1ක් ආයෝජනය කර ඇති අතර, මෙය වසර දෙකක් අඛණ්ඩව යුවාන් ට්‍රිලියනය ඉක්මවා තිබීම ද විශේෂත්වයකි. මෙම වසරේ රාජ්‍ය ව්‍යවසායන් සංවර්ධනයට නවෝත්පාදන භාවිත කිරීමට ද පියවර ගැනේ. එම නවෝත්පාදන සඳහා කෙරෙන ආයෝජනය ද අඛණ්ඩව වැඩිකෙරෙනු ඇත.

පසුගිය වසරේ රාජ්‍ය ව්‍යවසායන් චීන යුවාන් ට්‍රිලියන 6කට වැඩි  ආයෝජනයක් සම්පූර්ණ කර තිබීම ද කැපීපෙනේ. රජයේ "14 වැනි පස් අවුරුදු සැලැස්ම" යටතේ ව්‍යාපෘති 1,000 කට වැඩි ප්‍රමාණයක් සහ සෙසු ප්‍රධාන ව්‍යාපෘති ඉදිකිරීමේ වගකීම රාජ්‍ය ව්‍යවසායන් වෙත පවරා ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම