රතු මුහුද ප්‍රදේශයේ ආතතීන් ලිහිල් කිරීමට චීනයේ සහාය
2024-01-24 17:21:10
Share with:

රතු මුහුද ප්‍රදේශයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සහාය දීමට ඉදිරිපත් වන බව චීනය පවසයි.

එම ප්‍රදේශයේ තත්ත්වය උග්‍ර වීම වළක්වන ලෙසට චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. රතු මුහුද ප්‍රදේශයේ ආතතිය ගාසා තීරයේ ගැටුමේ  දිගුවක් වන අතර, ගාසා තීරයේ යුද්ධය හැකි ඉක්මනින් මැඩපැවැත්වීම වත්මන් ප්‍රමුඛතාව බව හෙතෙම අවධාරණය කළේය.

යේමනයට එරෙහිව හමුදා බලය භාවිත කිරීමට ආරක්ෂක මණ්ඩලය කිසිදු රටකට අවසර දී නොමැති බවත්, යේමනය ඇතුළු රතු මුහුද ආසන්න රටවල ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. විවිධ පාර්ශ්වයන් සමඟ එම ප්‍රදේශයේ උග්‍ර තත්ත්වය ලිහිල් කිරීම සඳහා උත්සාහ දැරීමට චීනය කැමැත්තෙන් සිටින බව Wang Wenbin මහතා පැවසීය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම