චීන ජනපති ඇන්ටිගුවා සහ බාබුඩා අගමැති හමුවෙයි
2024-01-24 16:20:42
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ඇන්ටිගුවා සහ බාබුඩා අග්‍රාමාත්‍ය Gaston BROWNE මහතා හමුවෙයි. එම හමුව අද (24) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

Gaston BROWNE අගමැතිවරයා මෙම වසරේ චීනයට පැමිණි ප්‍රථම ලතින් ඇමරිකා හා කැරිබියන් රටවල නායකයෙක් වන අතර මෙම සංචාරය ඔහුගේ පස් වන චීන සංචාරයයි. වසර 10කට පසු ඔහු යළි හමුවීම පිළිබඳව ඉතා සතුටු වන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. නව තත්ත්වය යටතේ, ඇන්ටිගුවා සහ බාබුඩාව සමඟ උපාය මාර්ගික ගැලපීම තහවුරු කරමින් ද්විපාර්ශ්වික සබඳතාව වඩා වැඩි ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කර දෙරටේ ජනතාවට වැඩි ප්‍රති‍ලාභ අත්කර දීමට චීනය කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය.

චීනය විසින් ඉදිරිපත් කරන ලද එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ යෝජනාව, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ශිෂ්ටාචාර මුල්පිරුම සහ ගෝලීය ආරක්ෂක මුල්පිරුමට ගෝලීය වශයෙන් පොදු පිළිගැනීමක් හිමිව ඇති බව Gaston BROWNE මහතා එහිදී ප්‍රකාශ කළේය. වෙනත් රටවල්, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් චීනය සමඟ එක්ව වඩා සුසංගත ලෝකයක් ගොඩනගමින් ගෝලීය සංවර්ධනය වඩාත් සාධාරණ කිරීමට උත්සාහ දරනු ඇතැයි අපේක්ෂා පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම