චීනයේ මානව හිමිකම් ජයග්‍රහණවලට ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුම්
2024-01-24 10:36:03
Share with:

මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම, රාජ්‍ය පාලනයේ දී වැදගත් කාර්යයක් ලෙස ඉහළින් සලකන බව  චීනය අවධාරණය කරයි. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වන විශ්ව සමාලෝචන රැස්වීමේ සිව්වැනි වටයට ඊයේ (23) එක්වෙමිනි.

චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවත සහ විශිෂ්ට ජයග්‍රහණ Chen Xu මහතා එහිදී පුළුල් ලෙස විග්‍රහ කළේය. මානව හිමිකම්වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම රාජ්‍ය පාලනයේ දී අතිශය වැදගත් කාර්යයක් ලෙස චීනය සලකන බව ඔහු එහිදී පැවසීය.

චීනය මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රියාමාර්ග 30 ක් ප්‍රකාශයට පත් කර ඇත. ජනතා ජීවනෝපාය සහ දිවිපැවැත්ම වැඩිදියුණු කිරීම, මානව හිමිකම්වල නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ සහයෝගීතා ප්‍රවර්ධනය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණවල ක්‍රියාකාරීත්වයට සහාය වීම වැනි අංශ රැසක් ඊට ඇතුළත් ය.

රටවල් 120 කට වැඩි ප්‍රමාණයක් චීනයේ මානව හිමිකම් ප්‍රගතිය ඉහළ ඇගයීමට ලක් කර ඇත. මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා චීනය දරන නොපසුබට උත්සාහයට ද ඔවුන්ගේ ප්‍රශංසාව හිමි ව ඇති අතර, සමස්ත පාලන ක්‍රියාවලියේ දී ජනතා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ චීනයේ භාවිතය ද අගය කර ඇත. චීනයේ මානව හිමිකම් සංවර්ධන මාවත, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට නව විකල්පයක් සපයා ඇතැයි යන්න මෙම රටවල විශ්වාසය යි.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම